Pages

සමාජ මාධ්‍ය බලපෑම

 අන්තර්ජාලය හා තරුණ පරපුර....

අන්තර්ජාලය ඔස්සේ විවිධ ජන කණ්ඩායම් සිය අදහස් උදහස් හුවමාරු කරගැනීම සදහා ඔවුන් විසින්ම සකස් කරගත් වෙබ් අඩවි භාවිතා කරයි. එකී වෙබ් අඩවි සමාජ වෙබ් අඩවි ලෙස හදුන්වයි.

මාජ මාධ්‍ය භාවිතය අද වන විට ලෝකයේ ජනප්‍රියතම සන්නිවේදන මාධ්‍යයක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ආදියෙහි මෙන්ම ඒ ඔස්සේ උද්ගත වී ඇති ගැටළු ද රාශියකි. එබැවින් මෙම සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනා තුළ ඇත්තේ සුබවාදී ආකල්ප නොවන බව පැහැදිලිය.
    එහෙත් එසේ සිතීම සාධාරණ ද? එසේ නැත්තම් සමාජය තුළ පැතිරී ඇත්තේ හුඔස් බියක්ද?
  මානව සංහතියේ ආරම්භයේ සිටම විවිධ තොරතුරු හුවමාරු කරගැනීමෙහි නිරත වූ මිනිසා සිය අදහස් ආකල්ප අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගනු ලැබුවේ සංඥා හා සංකේත භාවිතා කරමිනි. ප්‍රාථමික මිනිසා ක්‍රමයෙන් ශිෂ්ටාචාරය ගතවීමත් සමග තොරතුරු ලබා ගැනීමේ සන්නිවේදන ක්‍රමය වර්ධනය වන්නට විය. 21වැනි සියවසේ ආරම්භයත් සමඟ මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්කරමින් අන්තර්ජාල මාධ්‍ය ලෝකයට දායක විය.
    අන්තර්ජාලයේ මූලාරම්භයේ 1960 දක්වා විහිද ගියද එහිි ලෝක ව්‍යාප්ත ජාලය නැමැති සංකල්පය මුල්වරට ඉදිරිපත් වන්නේ 1982 වසරේදී ය. නමුත් අන්තර්ජාලය ශ්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දෙන්නේ 1990 වසරේ මොරටුව විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙනි.
     අන්තර්ජාල සම්බන්ධතා පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත ගෙන බැලීමේදී පැහැදිලි වන්නේ එය අන්තර්ජාලය පරිහරණය කරන පිරිසට වැඩ අඩු බවක් දැක ගත හැකි බවයි. එසේ වීමට හේතුව එක් සබඳතාවයක් ඔස්සේ කිහිපදෙනෙකු අන්තර්ජාලයට පිවිසීමයි.

    මෙලෙස අන්තර්ජාලය භාවිතා කරන සමාජ කණ්ඩායම් අතර සුවිශේෂ පිරිසක් ‌ලෙස තරුණ පරපුර හඳුන්වා දිය හැකිය. දිනෙන් දින අලුත් වන තරුණ පරපුරේ සිතුවිලි, ආකල්ප, අදහස් සමග අන්තර්ජාලයේ අන්තර්ගතයන් ද වෙනස් වීමට ලක්ව ඇත.‌‌තොරතුරු සමාජයේ වැදගත්ම අංශය අන්තර්ජාලය වුවද එම තොරතුරු හරහා සමාජයේ සදාචාරාත්මක පැතිකඩයන්ට සාධාරණයක් ඉෂ්ට වනවාද යන්න ගැටලුවකි.
  අන්තර්ජාලය හරහා ලබාගනු ලබන විවිධ අන්තර්ගතයන් හා සේවාවන් තරුණ පරපුරේ මානසික ව්‍යාකූලත්වය ඇතිකරවයි. අන්තර්ජාලය නව මාධ්‍යයක් ලෙස සමාජ ප්‍රගමනය උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබුවද ඒ හරහා තරුණ ප්‍රජාව දිනෙන් දින දුරාචාරයන්ට යොමුවීමේ ප්‍රවණතාවක් හටගෙන ඇත.
    අන්තර්ජාලය මිනිස් ජීවිතය හා සම්බන්ධ වී එතරම් කාලයක් ගත වී නොමැති වුවද මිනිසාගේ සෑම ක්‍රියාවකටම අන්තර්ජාලය නැතිවම බැරි ‌මෙවලමක් වී ඇත.
  අන්තර්ජාල සම්බන්ධ මිනිස් ක්‍රියාකාරිත්වය ධනාත්මක හා ඍණාත්මක ප්‍රතිඵලයක් සමාජයේ ඉස්මතු කර දක්වයි.

අන්තර්ජාල සම්බන්ධතාවය ලොව පුරා පැතිරෙන විට  Facebook සේවය ද ලොව පුරා පැතිර ඇත. ඕනෑම කෙනෙකුට ව්‍යාජ නමකින්, ව්‍යාජ ඇසුරෙන් ව්‍යාජ චරිතයකට පණ පෙවීමේ හැකියාව Facebook වැනි සමාජ ශාලා ඔස්සේ ගොඩනැංවී හමාරය.
    මෙම සමාජයීය මාධ්‍ය හරහා ගොඩනගා ගනු ලබන සමාජ මාධ්‍ය හේතුවෙන් විවිධ ගැටළු වලට තරුණ පරපුර භාජනය වී ඇති අතර ලෝකයේ සෑම මිනිත්තු 40කට වරක් මෙම Facebook වැනි හිත මිතුරු සේවයන් සම්බන්ධ අපරාධ සිදු වන බවට වාර්තා වී ඇත.
    තවදුරටත් මෙම තත්ත්වයන් හමුවේ බොහෝදුරට සිදුවනු ලබන්නේ අනාගත ලෝකයේ භාරකරුවන් බවට පත්වීමට සිටින තරුණ ප්‍රජාව අගාධයකට ඇද වැටීමයි. මෙසේ බහුතර තරුණ පිරිස් අන්තර්ජාල නිසා තවදුරටත් විකෘති මනසින් යුතුව සමාජ අපගමනයන් ට යොමුවෙමින් පවතී. මේ පිළිබඳ ආසන්නතම සිදුවීම ලෙසට අන්තර්ජාලය හරහා පැමිණි අකමැත්ත පරිගණක ක්‍රීඩාවේ ප්‍රතිඵලයක් ලෙස තරුණ ජිවිත සියදිවි නසාගැනීමෙන් කෙළවර වීම හදුන්වා දිය හැක.
     ජනප්‍රිය සංස්කෘතිය යන්නෙහි මූලික වාහකයකු බවට අන්තර්ජාලය පත්වී ඇත. අන්තර්ජාලය හරහා නව භාෂා ව්‍යවහාර, විලාසිතා තරුණ සිත් ඇද බැද තබා ගන්නා අතර එයින් කරනා පෙළඹවීම් ඇතැම්විට තරුණ පරපුර විනාශයට බඳුන් කරවයි.
     අන්තර්ජාලය හරහා මිනිසා අදහස් හුවමාරු‌වේ සුවිශේෂී අවධියකට පැමිණ ඇති බව සත්‍යයකි. නමුත් අන්තර්ජාලය යනු හොඳ නරක කැටි කර ගත් පොත් බදුයි. අන්තර්ජාලයට පිවිස ඇති දේවලින් මනස ශෝධනය කරගන්නා ළමයින් හා තරුණ කොටස් සමාජය දෙස බලන්නේ කෘත්‍රිම මානසික තලයක පිහිටාය.
   සමාජයේ සාර්ථකත්වය අභිවෘද්ධිය ගොඩනැංවීම වෙනුවෙන් වනජීවී සහගත කාර්යභාරය පැවරෙන්නේ තරුණ පරපුර මතය. මෙසේ සමාජයක් අභිවෘද්ධිය කරා යන ගමනේ මාධ්‍ය‌යේ කාර්යභාරය විය යුත්තේ හරවත් ‌දේ තෝරා බේරා ග්‍රාහකයාට ලබාදීමය. සමාජය හා පුද්ගලයා‌ෙගේ භෞතික දියුණුවත් සමග අධ්‍යාත්මික දියුණුවත් ඇතිවිය යුතුය. ඒ නිසා සමාජ මාධ්‍ය මගින් සිදුකළ යුත්තේ තොරතුරු ප්‍රචාරණය මගින් තරුණ පරපුරේ විඥනය පුළුල් කිරීමයි. වෙනස් වන ලෝකය සමග අප ද වෙනස් විය යුතු බව සත්‍යයකි. නමුත් එසේ වෙනස් විය යුත්තේ විශ්ව ගම්මානය හරහා පැමිණෙන සෑම කුණු කන්දල්ම අප වැළද ගනිමින් නොවේ.


තරුණ පරපුර සහ නව මාධ්‍යය

ජාතීන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩ නැගීම වඩා වැදගත් වන්නේ සහ වඩා ඉලක්ක විය යුත්තේ තරුණ පරපුර කෙරෙහිය. අතීත කාලයේ සිදුවූ බොහෝ දේ මේ අය දැක නැත. ඔවුන් දන්නේ ඔවුන් ඇසූ දෙයක් පමණයි. උතුරේ බොහෝ දෙනා දකුණේ සිංහල ජනයා ජීවත්වන අයුරු දකින්නේ නැත. එමෙන්ම දකුණු සිංහල ජනයා උතුරේ දමිළ ජනයා ජීවත්වන ආකාරය දකින්නේ ද නැත. ජාතීන් සමීප කරවීමෙහි ලා නව තාක්ෂණය ඉතා වැදගත් වන්නේ මේ නිසයි.
    රූපවාහිනිය සහ ගුවන් විදුලියටත් වඩා අද තරුණයින් අතර ජනප්‍රියව ඇත්තේ ජංගම දුරකථනයයි. බොහෝ දෙනා ළඟ අද කාලයේ “ස්මාර්ට්ෆෝන්” එකක් ති‌බේ.ෆේස්බුක් ගිණුමක් නොමැති අයකු ද සොයා ගන්න අපහසුයි. සමාජ මාධ්‍ය යනු අද කාලයේ නව මාධ්‍ය බවට පත්ව ඇත.
      මෙවැනි මාධ්‍ය ඔස්සේ යම් තොරතුරක් ඉතා වේගයෙන් ප්‍රචාරය කළ හැකියි. එහෙයින් ඇතැම් අය මෙය භාවිතා කරන්නේ ව්‍යාජ ප්‍රචාරයන් පැතිරවීම සඳහාය. එමෙන්ම ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වන ඇතුලු ඇතැම් අන්තවාදී සංවිධාන ලොව පුරා අනුගාමිකයන් සොයා ගැනීම සඳහා විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරණයන් හි නිරත වන බව ප්‍රසිද්ධ කෙරුණි.
      මෙවන් පසුබිමකදී සමාජ මාධ්‍ය සඳහා වැට බැඳීම යනු තවත් එයට අනුබල දීමක්. ඒ වෙනුවට සිදුවිය යුත්තේ එම ප්‍රචාරණ මාධ්‍ය වඩා යහපත් දේ සඳහා මෙන්ම නිවැරදි තොරතුරු ප්‍රචාරය සඳහා භාවිතා කිරීමයි. බොහෝ යුරෝපීය රටවල පොලිසිවලට නිල Twitter සහ Facebook අඩවි තිබෙන අතර පසුගිය සමයන් හි සිදුවූ විවිධ ත්‍රස්ත ප්‍රහාර අතරතුර ඒවායෙන් අලුත් තොරතුරු ප්‍රචාරය කෙරිණි. එමගින් කටකතා පැතිරීම පාලනය වුණි.  
         ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය ආයතන මීට වඩා සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරී වීම අත්‍යාවශ්‍ය දෙයි. අද වනවිට එම කටයුතු සිදු කරනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සභාව වැනි සීමිත ආයතන කිහිපයක් පමණයි. තරුණයින් සමාජ මාධ්‍ය භාවිතය වැඩියෙන් කරන පසුබිමක ඔවුනට සමීප වීමට මෙය අත්‍යාවශ්‍යයි.
තරුණ මනසට අහිතකරම සමාජ මාධ්‍ය ජාලය
සමාජ මාධ්‍ය ජාලා අතරින් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ම සමාජ මාධ්‍ය ජාලය 'Instagram' බව සමීක්ෂණයකින් හෙළි වී වෙයි.
මහා බිතාන්‍යයේ සිදු කළ මෙම සමීක්ෂණය සදහා වයස අවුරුදු 14ත් 24ත් අතර තරුණ තරුණියන්1479 දෙනෙකුගේ මතය විමසා තිබේ.
සංකාව, විශාදය, තනිකම සහ මානසික හිරිහැර වැනි ගැටලු ඇතිකරවන ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා අනුපිළිවෙළින් දක්වන ලෙස සමීක්ෂකයෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ.
අන්තර්ජාලය ඔස්සේ කරන ලද මෙම මත විමසු‌ෙමේදී සැලකිල්ලට ගෙන ඇත්තේ YouTube, Instagram, Snap-chat, Facebook සහ Twitter වැනි සමාජ ඡාලා මගින් තරුණ තරුණියන්ට ඇතිවන බලපෑමය.
  • අන්තර්ජාලයට යන දරුවා ගැන වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක්!
  • සමාජ මාධ්‍ය ජාල භාවිතය 'තනිකම වැඩි කරයි'
  • පරිගණකය යනු ආයා කෙනෙකු නොවේ.

එම සමාජ ජාලා භාවිතා කිරීම තුලින් තමන්ගේ සෞඛ්‍යයට හෝ යහපැවැත්මට යම් හානියක් සිදුවී ඇතැයි සෞඛ්‍ය ගැටලුජාලා 14ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මෙහිදී සමීක්ෂකයෝ විමසා සිටියහ.
ඊට ලැබුණු ප්‍රතිචාර සහ ඇගයීම් තක්සේරු කළ විට පෙනීගොස් ඇත්තේ මානසික සෞඛ්‍යයට වැඩිම ධනාත්මක බලපෑමක් ඇති වන්නේ YouTube සමාජ මාධ්‍ය තුළින් බවය. එහි දෙවෙනි සහ තුන්වෙනි ස්ථානය අනුපිළිවෙළින් Twitter සහ Facebook මාධ්‍ය ජාලා වලට හිමි වී තිබේ.
ඒ අනුව වැඩිම සෘණාත්මක මානසික බලපෑම සිදු වන සමාජ මාධ්‍ය ජාලය Instagram බව බහුතරයගේ මතය විය. එහි දෙවැනි තැනට Snap-chat මාධ්‍ය ජාලය දැක්‌වෙයි.
කෙසේ නමුත් Instagram පවසන්නේ තම මාධ්‍ය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කොට සලකන බවය.
පරිශීලන ග්‍රන්ථ:-





AR/86080
AF/15/12146
U.දිල්කි නිශාරා ජයරත්න
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය